පිත්තාශයෙහි ගල්

පිත්තාශයෙහි ගල් සහිත පුද්ගලයන්ගෙන් සුලු පිරිසකගේ පමණක් දරුනු ලෙස ගල් පිත්ත ප්‍රනාල වල සිරිවී අවහිර වීම නිසා හෝ ජීරණ පද්ධතියේ වෙනත් ස්තානයකට ගමන් කිරිම නිසා බරපතළ ගැටලු ඇති වේ.

පිත්තාශය ඉදිමීම (acute cholecystitis)

පිත්ත ප්‍රනාලයක් ස්ථිරව අවහිර වූ විට එනිසා පිත්තාශය තුල පිත එකතු වීම සිදු වේ. මෙනිසා පිත්තාශය ආසාදනය හා ඉදිමීම සිදු විය හැක. ඇකියුට් කොලිසිස්ටයිටිස් (Acute cholecystitis ) යනු පිත්තාශය ඉදිමීමට වෛද්‍ය විද්‍යාවේදී භාවිතා වන නාමයයි. රෝග ලක්ෂණ ලෙස:

  • ඔබගේ උරහිස් තල වෙත ගමන් කරන ඉහල දකුණු උදරයේ වේදනාව (බිලියරි උදරාබාධ මෙන් නොව මෙය පැය 5කට වැඩි කාලයක් පවතී)
  • සෙල්සියස් 38 හෝ ඊට වැඩි ඉහළ උෂ්ණත්ව(උන)
  • වේගවත් හදගැස්ම

ඇස්තමේන්තුගත තොරතුරු අනුව ඇකියුට් කොලිසිස්ටයිටිස් (acute cholecystitis )තත්ත්වය ඇති පුද්ගලයන් 7 දෙනෙකුගෙන් එක් අයෙකුගේ ඇස් සම කහ පැහැති වේ. ඇකියුට් කොලිසිස්ටයිටිස් (Acute cholecystitis) තත්ත්වයට ප්‍රථමයෙන්ම ප්‍රතිකාර කරන්නේ ප්‍රතිජීවක ඖෂධ වලිනි. එමගින් ආසාදනය පාලනය කිරිමෙන් පසු පිත්තාශය ඉවත් කිරිමට සැත්කම සිදු කරයි. මෙම සැත්කම වඩා අසීරු වන්නේ හදිසියේ සිදු කරන විටය බොහො විට එයට විවෘත සැත්කමක් කිරිමට සිදු වන අවධානමක් පවතී. සමහර අවස්තාවලදී පිත්තාශයෙහි දරුනු ආසාදනයන් නිසා පිත්තාශයෙහි සැරව ගෙඩි ඇති වේ (Empyema of gallbladder). මේවාට ප්‍රතිජීවක වලින් පමණක් ප්‍රතිකාර කල නොහැකිය. ඒවා ක්‍රමයෙන් හිස් කල යුතුය. ඉදහිට අතිශයින්ම ඉදිමුනු පිත්තාශය ඉරී උදරයේ ඇතුලත ද ප්‍රදාහ තත්ත්ව ඇති විය හැක (පෙරිටොනිටිස් -peritonitis). මෙය සිදු වුවහොත් ප්‍රතිජීවක කෙලින්ම ශිරාවක් ඔස්සේ ඔබට දීමට සිදු වේ.(intravenous antibiotics) එලෙසම සැත්කමකින් දරුනු ලෙස හානි වූ කොටස ඉවත් කිරිමට ද සිදු වේ. 'ඇකියුට් කොලිසිස්ටයිසිස් (Acute cholecystitis') පිලිබඳ වැඩිදුර කියවන්න.

ඇස් සම කහ වීම

පිත්තාශයෙහි වූ ගලක් එයින් පිටවී පිත්ත ප්‍රනාලයක සිර වීමෙන් පිත ගලා යාමට බාධා වුවහොත් ඔබේ ඇස් සම කහ පැහැති විය හැක. ජෝන්ඩිස් යන තත්ත්වයේ රෝග ලක්ෂණ:

  • ඇස් සහ සම කහ පැහැති වීම
  • තද දුඹුරු පැහැති මුත්‍රා පිටිවීම
  • ලා පාට මලපහ
  • කැසීම

සමහර අවස්වථාලදී ගල් ඉබේම පිත්ත ප්‍රනාලයෙන් පිටවී යා හැක. එසේ නොවුනත් ගල් ඉවත් කිරිමට සිදු වේ.

පිත්ත ප්‍රනාල වල ප්‍රදාහය(acute cholangitis)

පිත්ත ප්‍රනාල අවහිර වුවහොත් ඒවා බැක්ටීරියා මගින් ආසාදනය විය හැක. ඇකියුට් කොලන්ජයිටිස් (Acute cholangitis) යනු ඒ සදහා භාවිතා කරන වෛද්‍ය විද්‍යාත්මක නාමයයි. ඇකියුට් කොලන්ජයිටිස් (Acute cholangitis) තත්ත්වයේ රෝග ලක්ෂණ:

  • ඔබේ උරහිස් තල දක්වා ගමන් කරන ඉහල උදරයේ වේදනාව
  • ශරීර උෂ්ණත්වය ඉහළ යාම
  • ඇස් සම කහ වීම
  • හිරිගඩු පිපීම
  • ව්‍යාකුලත්වය
  • සම කැසීම
  • සාමාන්‍යයෙන් අසනීප ගතියක් දැනීම

ප්‍රතිජීවක ආසාදනයට ප්‍රතිකාර කලද endoscopic retrograde cholangio pancreatography(ERCP) යන ක්‍රියාවලිය මගින් පිත අක්මාවෙන් ගලා යාම පහසු කිරිම අනිවාර්ය වේ.

උග්‍ර අග්න්‍යාශය ප්‍රදාහය

පිත්තාශයෙහි වූ ගල් එයින් පිටවී අග්න්‍යාශයෙහි ප්‍රනාලයක සිරවී එය ඉදිමීමෙන් උග්‍ර අග්න්‍යාශය ප්‍රදාහය යන තත්ත්වය වර්ධනය වේ. උග්‍ර අග්න්‍යාශ ප්‍රදාහයේ පොදු රෝග ලක්ෂණ වන්නේ උදරයේ ඉහළ ප්‍රදේශයේ මධ්‍යයේ ඇතිවන ඇතිවන ක්ෂණික තීව්‍ර වේදනාවයී. උග්‍ර අග්න්‍යාශය ප්‍රදාහයේ වේදනාව එය නියත තත්ත්වයකට පත් වන තෙක් ක්‍රමයෙන් නරක අතට හැරේ. වේදනාව ආහාර ගැනීමෙන් පසු දරුනු වන අතර එය උදරයේ සිට පිටුපස දිගේ ගමන් කරයි. ඉදිරියට නැමීම හෝ රෝල් වීම මගින් වේදනාව සමනයට පත් වේ. උග්‍ර අග්න්‍යාශය ප්‍රදාහයේ අනෙකුත් රෝග ලක්ෂණ:

  • ඔක්කාරය
  • අසනීප වීම
  • පාචනය
  • ආහාර අරුචිය
  • ශරීර උෂ්ණත්වය ඉහළ යාම
  • උදරයේ තද ගතිය
  • කලාතුරකින් ඇස් සම කහ පැහැති වීම

දැනට උග්‍ර අග්න්‍යාශය ප්‍රදාහය සුව කිරිමට නිසි ප්‍රතිකාරයක් නැත, එනිසා අවධානය යොමු කරනු ලබන්නේ ඉදිමීම පහව යන තුරු ශරීරයේ සාමාන්‍යය ක්‍රියාවලින් පවත්වා ගැනීමට සහය වීමටයි. මෙයට සාමාන්‍යයෙන් රෝහල්ගත විය ‍යුතු අතර එහිදී ඔබට ලබා දෙන දෑ:

  • ශීරාවකට තරල ලබා දීම(intravenous fluids)
  • වේදනා නාශක
  • පෝෂණය සහිත දේ
  • නාසය මගින් නලයකින් ඔක්සිජන් ලබා දීම

ප්‍රතිකාර සමග උග්‍ර අග්න්‍යාශය ප්‍රදාහය ඇති බොහෝ පුද්ගලයන් සතියක් ඇතුලත ප්‍රගතියක් ලබයි. ඔවුන්ට දවස් 5-10 ඇතුලත රෝහලෙන් පිටත්ව යා හැක. උග්‍ර අග්න්‍යාශය ප්‍රදාහය පිලිබඳ වැඩිදුර කියවන්න.

පිත්තාශයෙහි පිලිකා

පිත්තාශයෙහි පිලිකා දුර්ලභ වුවද පිත්තාශයෙහි ගල් ඇති වීමේ බරපතළ සංකූලතාවකි. පිත්තාශයෙහි ගල් සහිත ඉතිහාසයක් පැවතිම පිලිකා ඇති වීමේ අවධානම වැඩි කරයි. පිත්තාශයෙහි පිලිකා සහිත පුද්ගලයන් 5න් 4කගේම වාගේ පිත්තාශයෙහි ගල් ඇති ඉතිහාසයක් ඇත. නමුත් පිත්තාශයෙහි ගල් ඇති ඉතිහාසයක් සහිත පුද්ගලයන්ට පිලිකා වැලදීමේ අවධානමක් අත්තේ 10,000 න් 1ට පමනය. පිත්තාශයෙහි පිලිකා සහිත පවුලේ ඉතිහාසය හෝ පිත්තාශයෙහි ඉහල කැල්සියම් මට්ටමක් පැවතිම වැනි අතිරේක අවධානම් සහගත සාධක ඔබට ඇත්නම් පිත්තාශයෙහි ගල් මගින් රෝග ලක්ෂණ පෙන්නුම් නොකලද එය ඉවත් කිරිමට නිර්දේශ කරයි. පිත්තාශයෙහි පිලිකා වල රෝග ලක්ෂණ සංකීර්ණ පිත්තාශයේ ගල් ඇතිවීමේ රෝගයේ ලක්ෂණ වලට සමාන වේ. ඒ අතර:

  • උදරයේ වේදනාව
  • ශරීර උෂ්ණත්වය ඉහළ යාම
  • ඇස් සම කහ වීම

පිත්තාශයෙහි පිලිකා වලට ප්‍රතිකාර සැත්කම, කීමෝ ප්‍රතිකාර හා විකිරණ ප්‍රතිකාර යන ඒවායේ සංකලනයකින් සිදු කරයි.

ගෝල්ඩ්ස්ටෝන් ඉලියස් (Gallstone ileus)

ගෝල්ඩ්ස්ටෝන් ඉලියස් (Gallstone ileus) යනු තවත් දුර්ලභ නමුත් බරපතල ගෝල්ස්ටොන්ස් වල සංකූලතාවකි. එහිදී අන්ත්‍රය ගල් මගින් සිර වීම සිදු වේ. මෙමගින් පිත්තාශය අසලට විවෘත වන අසාමන්‍ය නාලිකාවක්(ෆිස්ටියුලා) නිර්මානය වේ. මෙම නාලිකාව ඔස්සේ ගල් ගමන් කර අන්ත්‍රය අවහිර කරයි. ගෝල්ඩ්ස්ටෝන් ඉලියස් (Gallstones ileus) තත්ත්වයේ රෝග ලක්ෂණ:

  • උදරයේ වේදනාව
  • අසනීප වීම
  • උදරය ඉදිමීම
  • මලබද්ධය

අන්ත්‍රය අවහිර වීම් වලට ඉක්මනින් ප්‍රතිකාර කල යුතුය. එසේ නොකලහොත් අන්ත්‍රය පැලී විවෘත වීමේ(පැලීම) අවධානමක් පවතී. මෙමගින් අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වීම හා ආසාදනය පැතිරීම සිදු විය හැක. ඔබගේ අන්ත්‍රය අවහිර වී ඇති බව සිතන්නේ නම් ඉක්මනින් වෛද්‍යවරයා හමුවන්න. ගල් ඉවත් කර අවහිරය නැති කිරිමට සාමාන්‍යයෙන් සැත්කමක් සිදු කරයි. ඔබට කරන සැත්කම අන්ත්‍රය අවහිර වී ඇති ප්‍රදේශය මත රදා පවතී.